දන් පුජා කළ සැමට එකතුව පින් දෙමු
දන් පුජා කළ සැමට එකතුව පින් දෙමු
අද ඔබ ඇවිත් බුදු මැදුරේ සෙවන යට
සම්බුදු පියාගේ නවගුණ මෙනෙහි කොට
දන් පූජාකර ඔබ අවසාන කොට පින් රැස් කළා අම නිවනේ දොර ලගට
අද දින බවුන් වඩනා මේ සෑම දෙන
සම්බුදු පියා පෑ පිළිවෙත් අනුව ගෙන
අටසිල් සමාදන් වී අප සියලු දෙන
අනිමිස දානයක් ලැබුනා පිළිගන්න
දරමින් මහන්සිය බඩු අරගන්න ඇති
නෙත නිදි නැතුව වැඩපල කරගන්න ඇති
යන එන ගමන් වෙහෙසක් නොලබන්න ඇති
නිවන් දැකීමට මේ පින උරුම වෙති
කරන කියන රැකි රක්ෂා සරු වෙන්ට
සිතන පතන යහපත් දේ ඉටු වෙන්ට
මෙලොවත් පරලොවත් ජයගෙන උපදින්ට
මේ පින වාසනා වේවා ඔබ සැමට
ඔබ මේ දුන්න දානය ගැන සිතනවිට
පින මෙතෙක්යි කියා කීමට නොහැක මට
ලොවුතුරු බුදු කෙනෙකු සිටිය නම් අපට
ඔබ හට පිහිට වනවා මේ කල පිනට
ලොවුතුරු බුදු රුවන ඉදිරියේ මවාගෙන
සම්බුදු දහම හද පතුලේ තබාගෙන
මහා සග රත්නේ දෙවුරට වැඩමවාගෙන
යනවා නිවන් දොරටුව අපි සොයාගෙන
ධර්මය අවබෝධ වී ඔබ සැනසේවා
සීල භාවනා දියුණුව වැඩිවේවා
ජාති ජරා දුක් මරණෙන් මිදේවා
අන්තිම චුති සිතත් නිවනට යොමුවේවා
දන් දුන් අයට සැප සම්පත් ඉතිරේවා
ඇප උපකාර කල අයටද අත් වේවා
මියගිය නෑ මිතුරන් සුවපත් වේවා
සැමට උතුම් නිර්වාණය හිමිවේවා
Comments