ඇල්ල නැරඹීමට සංචාරකයින්

ඇල්ල නැරඹීමට සංචාරකයින්ගේ දැඩි කැමැත්තක්

ඇල්ල නැරඹීමට සංචාරකයින්ගේ දැඩි කැමැත්තක්
 Share
 Tweet
 Pin
 Share


    ඇල්ල සංචාරක පාරාදීසයට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි ඌව පළාත් සභා සංචාරක අමාත්‍යාංශය පවසයි.
    මේ හේතුවෙන් නගරය ආශ්‍රිත භාණ්ඩ අලෙවිය ද වැඩි වී ඇතැයි වෙළෙඳ සැල් හිමිකරුවෝ කියා සිටිති. ඇල්ල නගරය පිහිටා ඇත්තේ, බදුල්ල දිස්ත්‍රික්කයේයි. එය සුන්දරත්වයෙන් අනූන සංචාරක ස්ථාන රැසක් කේන්ද්‍ර කරගත් නගරයකි.
    මේ ප්‍රදේශයට පැමිණිම සඳහා සංචාරකයින් වැඩි වශයෙන් භාවිත කරන්නේ දුම්රියයි. විදෙස් සංචාරකයින් ඇල්ල පරිසරයට දැඩි ආකර්ශනයක් දක්වන අතර, එය ලොව හරිත පරිසර කලාපවලින් ප්‍රමුඛස්ථානයක් ගැනීම ඊට හේතුවයි. විශ්මිත දෙමෝදර දුම්රිය මාර්ගය, ආරුක්කු 9 පාලම, මෙරට උසම දිය ඇල්ල වූ බඹරකන්ද මෙන්ම රාවණා හා දියලුම දිය ඇලි, පුංචි සිරිපාදය, ලිප්ටන්සීට් මෙන්ම, ඇඩිසන් බංගලාව සංචාරකයින්ගේ සිත්ගත් ස්ථාන කිහිපයකි.
    සංචාරක සමය ආරම්භවීමත් සමඟ ඇල්ල ප්‍රදේශයේ හෝටල් සහ නිවාඩු නිකේතන මෙන්ම අවන්හල් පිරී ගොස් තිබේ. සංචාරක මඟ පෙන්වන්නන් පවසන්නේ තම ආදායම් ඉහළ යාමට ද මෙය හේතුවී ඇති බවයි. ඇතැම් සංචාරකයින් කඳු නැගීමට තෝරා ගෙන ඇත්තේ ද සුන්දර ඇල්ල ප්‍රදේශයයි.
    මේ දිනවල පවත්නා දේශගුණික තත්වය විඩාව නිවන බව, විදෙස් සංචාරකයෝ පවසති. ඔවුන් කියා සිටියේ, ශ්‍රී ලංකාවේ සංචාරක ස්ථාන අතුරින් ඇල්ල ප්‍රදේශයට පැමිණිමෙන් ලොව කිසිදු තැනක ලබාගත නොහැකි සුන්දර අත්දැකීමක් ලැබෙන බවයි.

    Comments

    Popular posts from this blog

    ඌව පළාතේ සංචාරක ස්ථාන