Posts
Showing posts from August, 2019
ඇල්ල නැරඹීමට සංචාරකයින්
- Get link
- X
- Other Apps
ඇල්ල නැරඹීමට සංචාරකයින්ගේ දැඩි කැමැත්තක් Share Tweet Pin Share ඇල්ල සංචාරක පාරාදීසයට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි ඌව පළාත් සභා සංචාරක අමාත්‍යාංශය පවසයි. මේ හේතුවෙන් නගරය ආශ්‍රිත භාණ්ඩ අලෙවිය ද වැඩි වී ඇතැයි වෙළෙඳ සැල් හිමිකරුවෝ කියා සිටිති. ඇල්ල නගරය පිහිටා ඇත්තේ, බදුල්ල දිස්ත්‍රික්කයේයි. එය සුන්දරත්වයෙන් අනූන සංචාරක ස්ථාන රැසක් කේන්ද්‍ර කරගත් නගරයකි. මේ ප්‍රදේශයට පැමිණිම සඳහා සංචාරකයින් වැඩි වශයෙන් භාවිත කරන්නේ දුම්රියයි. විදෙස් සංචාරකයින් ඇල්ල පරිසරයට දැඩි ආකර්ශනයක් දක්වන අතර, එය ලොව හරිත පරිසර කලාපවලින් ප්‍රමුඛස්ථානයක් ගැනීම ඊට හේතුවයි. විශ්මිත දෙමෝදර දුම්රිය මාර්ගය, ආරුක්කු 9 පාලම, මෙරට උසම දිය ඇල්ල වූ බඹරකන්ද මෙන්ම රාවණා හා දියලුම දිය ඇලි, පුංචි සිරිපාදය, ලිප්ටන්සීට් මෙන්ම, ඇඩිසන් බංගලාව සංචාරකයින්ගේ සිත්ගත් ස්ථාන කිහිපයකි. සංචාරක සමය ආරම්භවීමත් සමඟ ඇල්ල ප්‍රදේශයේ හෝටල් සහ නිවාඩු නිකේතන මෙන්ම අවන්හල් පිරී ගොස් තිබේ. සංචාරක මඟ පෙන්වන්නන් පවසන්නේ තම ආදායම් ඉහළ යාමට ද මෙය හේත...
සුන්දර “බණ්ඩාරවෙල”
- Get link
- X
- Other Apps
මුහු දු මට්ටමේ සිට මීටර් 1200 ක් උසකින් පිහිටන බණ්ඩාරවෙල ශ්‍රී ලංකාවේ සුන්දරම නගරයන්ගෙන් එකක්. විශාල කඳු පන්තියකින් හතර වටින්ම වැසුණු බණ්ඩාරවෙල නගරය ඇත්තෙන්ම ආශ්වාදජනක නගරයක්. “බණ්ඩාර මුදලිතුමාට අයිතිව තිබූ වෙල” යන්න පසුකාලීනව “බණ්ඩාරවෙල” වූ බවයි බොහෝ දෙනාගේ මතය. දේශගුණය බණ්ඩාරවෙල නගරය ලෝ ප්‍රසිද්ධ වීමට ප්‍රධානම හේතුව එහි පවත්නා සෞම්‍ය දේශගුණික තත්ත්වයයි. අසල්වැසි නුවර එළියට බොහෝ සෙයින් සමාන දේශගුණික තත්ත්වයක් පැවතියත්, බණ්ඩාරවෙල නගරය නුවරඑළියට වඩා අතිශයින්ම හිතකර දේශගුණයකින් යුක්තයි. අතිශයින්ම සීතල, මීදුම් සහ තෙත් සහිත නුවරඑළිය මෙන් නොව බණ්ඩාරවෙල දේශගුණය සිසිල් සුළඟින් යුතු සෞම්‍ය බවක් ගෙන දෙයි. දියතලාවට නගරයට කිලෝ මීටර් 5ක් පමණ මෑතින් ඇති බණ්ඩාරවෙල, නුවරඑළිය නගරය මෙන් සංචාරකයන්ගෙන් පිරී ඉතිරී ගිය නගරයක් නම් නොවන නමුත් එහි සිසිල දන්නා සංචාරකයන් බොහෝ දෙනෙක් බණ්ඩාරවෙල සිසිල විඳ ගැනීමට පැමිණෙනු දැකගත හැකියි. ජීවනෝපාය බණ්ඩාරවෙල ජනතාවගේ ප්‍රධානම ජීවනෝපාය මාර්ගය තේ කර්මාන්තයයි. අක්කර ගණනින් තේ වැවිලි කර්මාන්තයේ නිරත වන ඔවුන් තේ දළු නෙලීමට වතු ආශ්‍රිතව සිටින දමිළ ජනයා...
ඌව පළාතේ සංචාරක ස්ථාන
- Get link
- X
- Other Apps
ඌව පළාතේ සංචාරක ස්ථාන සිරිලක සංචරණයේ යෙදෙන දෙස් විදෙස් සැම අතරම සුප්‍රසිද්ධ පළාතක් ලෙස ඌව පළාත පෙන්වා දිය හැක. ඌව පළාත බදුල්ල සහ මොණරාගල යන දිස්ත්රික්ක දෙකකින් යුක්ත වේ. ඌව පළාතේ අගනුවර වනුයේ බදුල්ල නගරයයි. බදුල්ල මොණරාගල දෙදිසාව පුරාම විහිදෙන අතීත නටඹුන් සහ සංචාරක ස්ථාන හේතුවෙන් මෙම පළාතේ සුවිශේෂි බව වැඩි වී ඇත. ඌව පළාත, ඉහළ ඌව සහ පහළ ඌව ලෙස කොටස් දෙකකින් යුක්ත වේ. ඉහළ ඌව ලෙස බණ්ඩාරවෙල, වැලිමඩ සහ හපුතලේ ප්රදේශ ද, පහළ ඌව ලෙස මොණරාගල, බුත්තල ආදි ප්‍රදේශ ද විස්තර කෙරේ. ඌව පළාත සංචාරකයන් අතර සුප්‍රසිද්ධ වුව ද , එකී සංචරණය ස්ථාන කීපයකට පමණක් සීමා වීමක් විශේෂයෙන් හඳුනා ගත හැක. ඌව පළාතේ ප්‍රධාන සංචාරක ස්ථාන 1) දුන්හිඳ දිය ඇල්ල 2) බඹරකන්ද දිය ඇල්ල 3) රාවනා ඇල්ල 4) දියළුම දිය ඇල්ල 5) මුතියංගනය රජමහ විහාරය 6) දෝව රජ මහ විහාරය 7) බෝගොඩ රජමහා විහාරය 8) දඹේගොඩ 9) මාලිගාවිල 10) බුදුරුවගල 11) මහියංගනය රජ මහ විහාරය 12) සොරබොර වැව 13) දෙමෝදර ආරුක්කු නවය පාලම 14) දෙමෝදර දුම් රිය ස්ථානය 15) මඩොල්සිම පුංචි ලෝකාන්තය 16) ලිප්ටන් සීට් 17) දඹේතැන්න තේ කර්ම...